ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනයකල පළමු ද්‍රවිඩ ක්‍රීඩකයා!

වරදවා වටහාගන්න එපා!

ක්‍රීඩාවෙදි විතරක් නෙවේ,
ආගම,ජාතිය,කුළය නෙවේ මොනම දෙයක් අදාල කරගෙනවත් අපි බෙදෙන්න හොඳ නැහැ.
සිංහල,ද්‍රවිඩ,මුස්ලිම් ක්‍රිකට් ක්‍රීඩකයින් කියලා අපේ අපේම අය බෙදන්න හදනවා නෙවේ,
බහුතරයක් දෙනා නොදන්න දෙයක් ගැන කියන්නයි උවමනා උනේ.

අවුරුදු සියගණනක් තිස්සෙම සංක්‍රමණ,ආක්‍රමණ පමණක් නොව වෙළෙඳ කටයුතු වලින්ද බලපෑම් ඇතිවුණ නිසා වර්තමානය් වනවිට ශ්‍රී ලංකා ජන සමාජය යනු විවිධ ගණයේ ආගම්,ජාතීන් වලට අයත් සාමාන්‍ය ජනතාව ජීවත්වෙන විවිධත්වයෙන් විචිත්‍රවත් ජන සමාජයක්.

එම හේතුව නිසාවෙන්ම විවිධ ගණයේ ආගම්,ජාතීන් වලට අයත් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල බව කවුරුත් හොඳින්ම දන්නා කාරණයක්.

එම ක්‍රීඩකයින්ගෙන් කිහිපදෙනෙක්,

  • මුත්තයියා මුරලිදරන්
  • චමින්ද වාස්
  • රසල් ආනල්ඩ්
  • ෆර්වීස් මහරුෆ්
  • තුවාන් මොහොමඩ් දිල්ශාන් – තිලකරත්න මුදියාන්සේලාගේ දිල්ශාන්
  • මොහොමඩ් මාශූක් මොහොමඩ් සුරාජ් – සුරාජ් රන්දීව්
  • විනෝදන් ජෝන්
  • රසල් හාමර්
  • ඩේවිඩ් හයින්
  • උවෙයිස් කානයින්
  • මයිකල් වැන්ඩෝට්
  • ජෙහාන් මුබාරක්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • ජෙෆ්‍රි වැන්ඩසේ

පසුකාලීනව විවිධ ජාතීන්,ආගම් වලට අයත් ක්‍රීඩකයින් නිතරම පාහේ ජාතික කණ්ඩායමේ දක්නට ලැබුණද,
අපට ටෙස්ට් වරම් ලැබුණු මුල් කාලයේදී එය
එසේ නොවීය.

එවකට සිටි ක්‍රීඩකයින් සියල්ලන්ම පාහේ සිංහල ක්‍රීඩකයින් වූ අතර එවැනි කාලවකවානුවක ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වූ,

‘රෝයි ඩයස්’ මහතා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල පළමු ද්‍රවිඩ ජාතිකයා ලෙස වාර්තා පොත්වල සටහන් වී ඇත.

  • හේලිත හෙට්ටිආරච්චි –
Design a site like this with WordPress.com
Get started