බන්දුගේ දත!

මේ ෆොටෝ එක නම් පහුගිය දවස්වල අන්තර්ජාලයේ හුවමාරු උනා ඔයාලා දකින්නත් ඇති,

මේ ඉන්නේ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ.
කෑගල්ල ශාන්ත මරියාවේ ඉගෙනුම ලබන කාලේ බන්දු ක්‍රීඩාවෙන් දස්කම් පෙන්නපු කෙනෙක්.

හැබැයි මේ කියන්න යන්නේ බන්දුගේ දස්කම් ගැන නම් නෙවෙයි.
ඔයාලා හැමෝම දන්න බන්දුගේ ඉස්සරහ දත ගැන.

ඉස්සරහ දත ගැන කියනවා කිව්වට ඉතින් ඇත්තටම කියන්න වෙන්නේ ඉස්සරහ නැති දත ගැන.

බන්දුට මේ දත නැතිවෙන්නේ එකපාරටම නෙවේ.
දෙපාරකට!

පළවෙනි පාර උනේ මෙහෙමයි.
ආවේ ශාන්ත මරියා කණ්ඩායම නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් තරඟවලට සහභාගි උන බන්දු සාමාන්‍යයෙන් කණ්ඩායමේ කඩුළු රකින්නා විදියට තමයි කටයුතු කලේ.
ඉතින් එක දවසක් පන්දුයවන්නෙක් එවපු පන්දුවක් ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවාගේ පිත්ත පරයා බන්දුගේ ඉස්සරහ දතේ වදිනවා.

හරිම සංතෝසයි!
දතෙ භාගයක් බිම!

ඕක ඉතින් එච්චර ගණන් නොගත්ත බන්දු ඕක ආය හදාගන්න උත්සහා කලේ නෑ.

දෙවෙනි පාර උනේ තමන්ගේ ගෙදරදි ෆුට්බෝල් ගහපු වෙලාවක තමන්ගෙම ෆුට්බෝලෙට පයින් ගහන්න ගිහින් ඒක තමන්ටම පෑගිලා,
උඩ ගිහින් වැටිලා ඉතුරු දත් භාගෙත් නැති උන එක.

භාගයක් නැතිවෙලා තියෙද්දි හදානොගත්ත මනුස්සයා සම්පූර්ණයෙන්ම නැති උනාමත් හදාගත්තේ නෑ ඉතින්.
හැබැයි කලාවෙන් ඉහළට යන්න බන්දුට ඒක ‍රුකුළක් උනා කිව්වොත් ඒකේ ඇති වැරද්දකුත් නෑ.

ඕක මම දන්නේ කොහොමද කියලා උඹලා අහයි,
මම ඕක දන්නේ බන්දු මට ඕක කිව්ව නිසා.
හම්බෙලා කිව්වේ නෑ ඉතින්,

මීට අවුරුදු 10කට වගේ කලින් බන්දු ටීවී චැනල් එකක සාකච්ඡාවකට ආපු වෙලාවක කියපු ඔය කතාව මම මතක තියාගෙන හිටියා!

  • හේලිත හෙට්ටිආරච්චි –

Leave a comment

Design a site like this with WordPress.com
Get started