යෝධ ටෙස්ට් ඉනිම!

1997 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ලකුණු 952ක් වාර්තාකර ටෙස්ට් ඉනිමකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමිකරගන්නා තුරු,

කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 1938 වසරේ අළු බඳුන තරඟාවලියේ තුන්වන තරඟයේදි වොලී හැමන්ඩ් නායකත්වය දැරූ එංගලන්ත කණ්ඩායම,
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුළු 7ක් දැවී ලබාගත් ලකුණු 903 වන අතර මෙම තරඟයේදි ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 579කින් එංගලන්ත කණ්ඩායමට පරාජය වීම සුවිශේෂී කරුණකි.

එමෙන්ම මෙම ටෙස්ට් තරඟය දින ගණනකට සීමා නොවූ ‘Timeless’ එසේත් නැත්නම් තරඟයේ ප්‍රතිඵලයක් ලැබෙන තුරු ක්‍රීඩාකල ටෙස්ට් තරඟයකි.

Design a site like this with WordPress.com
Get started