Real Legend!

මොහොමඩ් රෆීක් කියන්නේ ක්‍රිකට් ලෝකේ ලෙජන්ඩ් කෙනෙක් නෙවෙයි වෙන්න ඇති!

හැබැයි මනුස්සකමෙන් රෆීක් කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්.
තමන්ට නොලැබුණු අධ්‍යාපනය තමන්ගේ ගමේ මිනිස්සුන්ට ලබාදෙන්න කැපකිරීම් කරපු කෙනෙක්.

බංග්ලාදේශය මුලින්ම ලෝක කුසලානයකට තේරුණ වෙලේ බංග්ලාදේශ ආණ්ඩුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙක්ටම ඉඩමකුයි,වාහනයකුයි දුන්නා.

රෆීක් තමන්ට ලැබුණු ඉඩම තමන්ගේ ගමේ ඉස්කෝලයක් හදාගන්න පරිත්‍යාග කරලා,වාහනේ විකුණලා ඒ සල්ලිත් ඉස්කෝලේ හදන්න පටන්ගන්න වැඩේට පරිත්‍යාග කලා!

එහෙම බැලුවම රෆීක් කියන්නේ බංග්ලාදේශයට නම් කොහොමත් ලෙජන්ඩ් කෙනෙක්!

අනිත්දේ තමයි රෆීක් කියන්නේ අදටත් බංග්ලාදේශය බිහිකරපු හොඳම දඟපන්දු යවන්නෙක්!

Leave a comment

Design a site like this with WordPress.com
Get started