නව යොවුන් අර්ජුන ලැබූ තෑග්ග!

1984 අවුරුද්දේ තමයි පළමුවරට ටෙස්ට් තරඟයක් වෙනුවෙන් එංගලන්තයට යන්න ලංකාවට අවස්ථාව ලැබුණේ.

Lords ක්‍රීඩාංගනයේ පැවැත්වෙන්න නියමිත උන ඒ තරඟය වෙනුවෙන් හොඳට සූදානම් වෙන ගමන් එංගලන්තයේ conditions වලට හුරුවෙන්න ඕන නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය පැවැත්වෙන්න සැලකිය යුතු කාලයකට කලින් එංගලන්තය සංචාරය කලා.

ඒ කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති විදියට හිටියේ කිලී රාජාමහේන්ද්‍රන් මහත්මයා. (Capital මහරාජා සමූහය වගේම පසුකාලීනව Sirasa/MTV Network බිහිකරන්න මූලික උන පවුලේ එක් සාමාජිකයෙක්)
ඒ මහත්මයා එංගලන්තයට ගියපු ශ්‍රී ලංකා කණ්ඩායමට නවතින්න ඒ මහත්මයගේ එංගලන්තයේ තියෙන නිවස නොමිලේ ලබාදුන්නා.

ඒ විතරක් නෙවෙයි තරඟයට දවස් ලංවෙද්දි කණ්ඩායමේ අය දිරිමත් කරන්න ඕන නිසා ඒ තරඟයේදි ශතකයක් ලබා ගන්න කෙනෙක්ට පවුම් 1000 ගානේ දෙන්නත් පොරොන්දු උනා.

තරඟය පටන්ගත්තා!
සිදත්,දුලිප් සහ අමල් සිල්වා ශතක ලබාගන්න සමත්වුනා.

හැබැයි නවයොවුන් වියේ හිටපු අර්ජුන ලකුණු 84කට දැවීගියා.
කොච්චර තද හිතක් තියෙන කෙනෙක් උනත් එදා අර්ජුන සංවේදි උනා.
Lords Honours Board එකට ඇතුලත්වෙන්න ඔන්න මෙන්න තියලා අර්ජුනට දැවීයන්න උන එක ඒ සංවේදිබවට ලොකු හේතුවක් වෙන්න ඇති.
දැවීගියාට පස්සේ ආපහු Dressing room එකට ඉන්නකොට අර්ජුනගේ ඇස්වලට කඳුළු ආවා.
වාඩිවෙලා හිටපු අර්ජුනගේ පිටට කෙනෙක් තට්ටුවක් දැම්මා.

ඒ රාජාමහේන්ද්‍රන් මහත්මයා!
ඒ මහත්මයගේ ඇස්වලත් කඳුළු!

පොරොන්දු උන විදියට ශතකලාභී හැමෝටම පවුම් 1000ක තෑග්ග ලැබුණා.

හැබැයි ලකුණු 84ක් ගහපු අර්ජුනට පවුම් 2000ක් ලැබුණා!

ඒ අර්ජුන එදා පෙන්නපු දිරිමත් ක්‍රීඩා විලාශ‍ය රාජාමහේන්ද්‍රන් මහත්මයා අගය කරපු හැටි.

අදටත් සිරසේ හරි MTV මාධ්‍ය ජාලයට අයත් නාලිකාවක Air time එකක් වෙන්කරගන්න ඕන නම් ඒකට අර්ජුන දෙන්න ඕන කෝල් එකක් විතරලු!

Rex Clementine තැබූ සටහනක් ඇසුරෙනි.

Design a site like this with WordPress.com
Get started