ලංකාව බේරා හිරේ ගිය අපේ ලොකු අයියා!

පර්සි අබේසේකර!
Birthday boy!

පර්සි අංකල් ලංකාවේ Cricket බලන්න Ground වලට බහින්න පටන්ගත්තේ අද ඊයෙක නෙවෙයි.

1950 ගණන්වල ඉඳලා!

පර්සි අංකල්ට ලංකාව ගහන ඕන Match එකක් අදාලයි.
කොටින්ම කිව්වොත් U19 Match උනත් එකක් නෑර පර්සි අංකල් ඒ කාලේ ඉඳලම Ground එකට බැහැලම බලලා ඇති.

මේ කියන කතාව 1970 දශකයේ මුල් කාලේ උන එකක්.

ශ්‍රී ලංකාව සංචාරය කරපු ඔස්ට්‍රේලියානු U19 Team එකත් එක්ක අපේ U19 Team එක 3day Match එකක් ගහලා තියෙනවා P.සරා Oval එකේ.

මෙහේ ආපු ඔසීලා අපේ කොල්ලන්ට Short Fuxxrs, Blaxk Bixxes වගේ ඇනුම්පද කියලා Sledge කරලා හෙණ ඔලුවෙන් තමයි සෙල්ලම් කරලා තියෙන්නේ.!

කොහොමෙන් කොහොම හරි Match එකේ අවසාන දවසේ අපේ නායකයා අසිත ජයවීර සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් අපි පරදින්න ගිය තරඟය Draw එකකට ඇදගෙන යන්න උත්සහ කරමින් ඉඳලා තියෙනවා.!

හැබැයි තාම Match එකේ Result එක වැට උඩ!
අපි පරදින්නත් පුළුවන්.

මේ වෙලාවේ අපේ පර්සි අංකල් ගේමට Enter වෙනවා.
අපිට අනන් මනන් කියපු ඔසීලට පාඩමක් උගන්නන්නයි,
වෙලාව නාස්ති කරලා Match එක Draw කරගන්න අපේ කොල්ලන්ට උදව් කරන්නයි,

පර්සි අංකල් Ground එක මැද්දට දුවගෙන ඇවිල්ලා එතන එක විකාරයක් කරනවා.!

අන්තිමට පර්සි අංකල්ව බොරැල්ල පොලීසියෙන් ඇවිල්ලා අල්ලන් ගිහින් කූඩුවේ දානවා.
හොරු,චණ්ඩි සේරම එක්ක පර්සි අංකල් කූඩුවේ දැන්.

එදා රෑ 11 වෙනකන් පර්සි අංකල් ඇතුළේ.
හොඳම වැඩේ කියන්නේ පර්සි අංකල්ට ඇප දෙන්නේ Legendary ‘සතා’ එහෙමත් නැත්නම් මහදේවන් සතාසිවම් ඇවිල්ලයි.

පර්සි අංකල් එළියට එනකොට පිළිගන්න මිනිස්සු දාහක් විතර එතන ඉඳලත් තියෙනවා.

ඒ විතරක් නෙවෙයි පර්සි අංකල්ගේ උදව්ව අපතේ නොයවා අපේ U19 Team එක Match එක Draw කරගන්නවා.
ඒ කඩුළු 3ක් ඉතුරුත් කරගෙන.

ඔය එක කතාවක්.
ඔය වගේ කතා සියගාණක් ඇති පර්සි අංකල් ගැන.

පර්සි අංකල් ඔයා තමයි අපේ ලොකු අයියා!
අපිට ඔයා කරපු කැපකිරීම් කරන්න තියා හිතන්නවත් බෑ!

ඔබට දීර්ඝායුෂ ලැබේවා!

Leave a comment

Design a site like this with WordPress.com
Get started