අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට නයිට් පදවිය ලබා දී තිබේද?

අපේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ‘සර්’ පට්ටම හෙවත් නයිට් පදවිය ලැබූ අවස්ථාවන් තිබේද?

පහුගිය දවසක එලිසබෙත් මහ රැජිණගේ සුරතින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටයාර් කුක්ට ‘සර්’ පට්ටම හෙවත් නයිට් පදවිය ලැබුණා කියන පුවත ගැන මේ වෙනකොට බොහොමයක් දෙනා දැනුවත් ඇති.

ඔය හේතුව නිසාම,

අපේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ට

• මේ පට්ටම ලැබිලා තියෙනවද?
• එහෙම ලැබුනනම් ඒ කාටද?

කියන ප්‍රශ්න මේ දවස්වල බොහොම සුලභයි.

කියන්න කණගාටුයි,

සමහර අය හරිහැටි හොයලා බලන්නේ නැතුව මේ සම්බන්ධයෙන් එක එක අදහස් පල කරලා තියෙනවා කීප තැනකම දකින්න ලැබුණා.

• ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට නයිට් පදවිය ලැබුණාලු…

• ඔහු එංගලන්තයේ පදිංචියට යෑමට පවා ඉඩ තිබෙනවාලු..

ඉතින් මේ කතා ඇත්තද?

අමු බොරු…!

• සංගාට එහෙම පදවියක් ලැබුණේ නැහැ.

• එහෙම ලැබෙන්න ක්‍රමයකුත් නැහැ.

හේතුව?

• නයිට් පදවියට හිමිකාරත්වය ලබන්නේ රැජිණගේ පාලනයට යටත් වෙලා ඉන්න පුරවැසියන්ට පමණයි.

“ඒ කියන්නේ සංගා හෝ අපේ රටේ වෙනයම් කෙනෙක්ට ක්‍රිකට් ක්‍රීඩාව නිසා නයිට් පදවිය ලැබුනානම් ලැබෙන්නේ 1956 වර්ෂයේ බ්‍රිතාන්‍ය ගෞරව නාම අපේ රටට ලබාදීම නවත්වන්න පෙර…!”

ඒ කොහොම උනත් මම දැනුවත් විදියට නම් 1956 වර්ෂයේදි බ්‍රිතාන්‍ය ගෞරව නාම අපේ රටේ පුරවැසියන්ට ලබාදීම නවත්වන්න කලින්වත් ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපේ රටේ කෙනෙක්ට නයිට් පදවිය හිමිවෙලා නම් නැහැ.

ඒක ගැන නම් දැනගත්තා කියමුකෝ…!

එතනින් නවතින්නේ නැතිව තවත් මේ ගැන විස්තර ටිකක් දැනගන්න එක කෝකටත් හොඳ නිසා මේ සම්බන්ධව තව පුංචි විස්තරයක් පහතින් සඳහන් කරන්න කල්පනා කලා.

° ක්‍රිකට් ක්‍රීඩාවට අදාලව කෙනෙකුට නයිට් පදවිය ලැබෙන්නේ කොහොමද?

ක්‍රම 02 ක් තිබෙනවා.

• ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කල් පරිපාලකයින්,පුහුණුකරුවන්,ක්‍රීඩකයින් සහ විනිසුරුවන්ට නයිට් පදවිය ලබාදීම.

• ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් මට්ටමේ සිට පළමු පෙල මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු ක්‍රීඩකයින් නොයෙකුත් ආකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කල සේවය වෙනුවෙන් නයිට් පදවිය ලබාදීම.

° නයිට් පදවිය ලබාදෙන්නේ කවුරුන් විසින්ද?

• එංගලන්‍තයේ මහරැජිණ විසින් සෘජුවම.

• එංගලන්ත මහරැජිණගේ පාලනය යටතේ පවතින රටවල් වල රජයන් විසින් වක්‍රාකාරව.
(මෙම ක්‍රමය භාවිතා කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පමණි)

° නයිට් පදවිය ලැබූ එංගලන්ත පුරවැසියන් ගණන කොපමණද?

– ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කල් පරිපාලකයින්,පුහුණුකරුවන්,ක්‍රීඩකයින් සහ විනිසුරුවන් – 11

– ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් – 03

° එංගලන්තයේ පුරවැසියන් හැරුණුකොට නයිට් පදවිය ලැබූ වෙනත් රටවල පුරවැසියන් ගණන සහ ඔවුන් අයත් වන රටවල් මොනවාද?

• 1947 වසරේ නිදහස ලැබීමට පෙර ඉන්දියාව

– ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රීඩකයින් – 01

• ඔස්ට්‍රේලියාව

– ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කල් පරිපාලකයින්,පුහුණුකරුවන්,ක්‍රීඩකයින් සහ විනිසුරුවන් – 01

• නවසීලන්තය

– ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රීඩකයින් – 01

• බටහිර ඉන්දීය කොදෙව් දූපත්

– ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කල් පරිපාලකයින්,පුහුණුකරුවන්,ක්‍රීඩකයින් සහ විනිසුරුවන් – 11
* මහරැජිණ විසින් – 04
* නයිට් පදවිය ලැබූ පුද්ගලයාට අදාල බටහිර ඉන්දීය කොදෙව් දූපත් රජයන් විසින් – 7

– ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රීඩකයින් – 01
* මහරැජිණ විසින් – 01

• දකුණු අප්‍රිකාව

– ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සේවය කල ටෙස්ට් ක්‍රීඩකයින් – 02

නයිට් පදවිය එහෙමත් නැත්නම් ‘සර්’ පට්ටම ගැන යම් අවබෝධයක් මේ ලිපිය හරහා ඔබ සියළුදෙනාටම ලබාගන්න ඇති කියන විශ්වාසය මත දැනට නවතින්නම්.

ඒ වගේම ඉදිරියේදි නයිට් පදවිය ලැබූ පුද්ගලයින් කවුරුන්ද යන්නත් ඔවුන් එම පදවිය ලැබීමට සුදුසුකම් ලැබුවේ කෙසේද යන්නත් ගැන තවත් ලිපියක් ඔබ සැමට ගෙන එන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාලව අපේ රටේ නයිට් පදවිය ලැබූ අය නැති එක ගැන නම් දුක් වෙන්න එපා.

මොකද කෙනෙක් මොනයම් හේතුවක් නිසා හෝ නයිට් පදවිය ලබනවා කියන්නේ සරලවම ඒ කෙනා මහරැජිණගේ වහලෙක් බවට පත්වෙනවා කියන එකයි.

ඒ නිසා අබමල් රේණුවක් තරම් වත් ඒ දේ ගැන නම් පසුතැවිලි වෙන්න එපා…!

– හේලිත හෙට්ටිආරච්චි –

Design a site like this with WordPress.com
Get started